ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකදී මෙරට ජනතාවගේ උදාර මානුෂීය ගුණය හෙළි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට ජනගහනයෙන් 84%ක් ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.
2011 වසරේ ආරම්භ වූ ජාතික අක්ෂි බැංකුව මේ වන විට ‘ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය’ ලෙස පරිවර්තනය වී ඇති අතර, ගෙවුණු වසර 15 තුළ අක්ෂි කුණිත 17,000කට අධික ප්‍රමාණයක් එකතු කර තිබේ. ඉන් කුණිත 12,000ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇති අතර, තවත් කුණිත 4,500ක් පමණ සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක අන්ධභාවයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම උත්සවයේදී, අක්ෂි බැංකුවේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය චරිත් ෆෝන්සේකා මහතා වෙත සහ අක්ෂි දායකයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත උපහාර පිදීමක් ද සිදු කෙරිණි. ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකාවේ මෙම අක්ෂි බැංකුව ආසියානු කලාපයේ පෙනීම ලබා දීමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස වර්තමානයේ සැලකේ.














