ප්‍රමිතියෙන් තොර Immunoglobulin ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.
රජයේ මුදල් අවභාවිත කිරීම, රජයට පාඩු සිදුකිරීම සහ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ බෙදාහැරීමට කටයුතු කිරීම ඇතුළු බරපතළ චෝදනා රැසක් මොවුන්ට එරෙහිව එල්ල වී තිබේ. හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
අදාළ එන්නත් ලබාගත් රෝගීන්ට බරපතළ අසාත්මිකතා සහ විවිධ සංකූලතා ඇතිවූ බවට වාර්තා වීමත් සමඟ මෙම මහා පරිමාණ ඖෂධ වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ විය. අද දින නඩු විභාගය සඳහා හිටපු අමාත්‍යවරයා රෝද පුටුවකින් අධිකරණය වෙත පැමිණ සිටීම විශේෂත්වයකි.














