මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් යටගැසීම සඳහා රංග නිශාන්ත රාජපක්ෂ නමැති නිලධාරියා ඝාතනය කළාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි. පසුගියදා (08) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපය මෙන්න:
මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති පසුබිමක, මෙම සිද්ධිය ගැන පැමිණිල්ල ඉදිරිපත් කළ රංග නිශාන්ත නිලධාරියා මියගොස් තිබීම බරපතළ සැකයට කරුණකි. මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් සැලසුම් සහගත ඝාතනයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා රජය වහාම සර්වසාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
එසේම ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කපිල චන්ද්‍රසේන ද අබිරහස් ලෙස මියගොස් තිබීම මෙවැනි මරණ පිළිබඳ පවතින සැකය තවදුරටත් දැඩි කරන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි පුද්ගලයන් සැබවින්ම සියදිවි නසා ගන්නවාද නැතහොත් සියදිවි නසා ගැනීම් ලෙස හුවා දක්වමින් සිදු කරන ඝාතන ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම රජයේ වගකීමක් බව සුජිත් සංජය පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














