සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තීරණය කර තිබේ. මෙම ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විශ්වවිද්‍යාලයේ ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.














