මැදවච්චිය, වේවැල්කැටිය ප්‍රදේශයේදී ස්නායු ආබාධයකින් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි අවුරුදු 6ක් පමණ වයසැති පිරිමි අලි පැටවෙකු මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.
අසනීප තත්ත්වයෙන් සිටි අලි පැටවාට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය මගින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 22 වැනිදා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙනවිත් තිබේ.
එහිදී කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, දින කිහිපයක් ආධාරක මගින් රඳවා තබාගනිමින් පැටවාට ප්‍රතිකාර සිදුකර ඇත. මේ වන විට අලි පැටවාගේ ආධාරක ඉවත් කර ඇති අතර, ඔහු හොඳින් ආහාර හා ජලය ලබාගනිමින් සිටින බව සඳහන් වේ.
ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් රඳවන ස්ථානයක පැටවා රඳවා ඇති අතර, රේඩියෝ සංඥා කරපටියක් පැළඳවීමෙන් පසු එමගින් ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීමටද කටයුතු කර තිබේ.
අලි පැටවාට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරන අතර, පශු වෛද්‍යවරුන්ගේ නිරන්තර නිරීක්ෂණය යටතේ ඔහු රඳවා සිටියි.














