දිවුලපතාන ප්රදේශයේ පාරම්පරික ගොවි ජනතාවගේ වගාවන්ට ගවයින්ගෙන් සිදුවන හානි පිළිබඳව සොයා බැලීමට දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ එම ගොවිබිම් වෙත වැඩම කර තිබේ.
ගවයින්ගෙන් වගාවන්ට සිදුවන හානි හේතුවෙන් ගොවීන් මුහුණ දී සිටින ගැටලු සහ ඉඩම්ලාභීන්ට සිදුව ඇති බව කියන අසාධාරණතා පිළිබඳව සොයා බැලීම මෙහි අරමුණ වී තිබේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා රජයේ මැදිහත්වීම ලබාගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.














