ඇල්ල සංචාරක ප්‍රදේශයට පැමිණෙන තරුණ පෙම්වතුන් ඉලක්ක කර ගනිමින් විවිධ අපරාධ රැසක් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 සහ 33 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.
සැකකරුවන් විසින් සිදුකර ඇති අපරාධ අතර තරුණ යුවළක් බියගන්වා තරුණිය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් අපයෝජනය කිරීම, තවත් යුවළකගේ රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ පැහැර ගැනීම සහ තවත් පිරිසකගේ ජංගම දුරකතන ඇතුළු විවිධ දේපළ කොල්ලකෑම ඇතුළත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















