ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, ආයතනයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට (VRS) තීරණය කළ සේවක සේවිකාවන් 1,898 දෙනෙකු වෙනුවෙන් රුපියල් බිලියන 8.5ක වන්දි ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් අද (15) දින පැවැත්වේ. ‘අභිමානවත් සේවයක – සුරක්ෂිත නිමාව’ යන තේමාව යටතේ බලශක්ති අමාත්‍යාංශය මඟින් සංවිධානය කර ඇති මෙම උපහාර උළෙල අද පෙරවරු 10.00 ට දෙහිවල, EDL D4 ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
වසර ගණනාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රගතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් කළ සේවක ප්‍රජාවගේ විශ්‍රාමික ජීවිතය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මණ්ඩලය නවීකරණය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය තුළ සේවකයන්ට ගෞරවාන්විතව සමුගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරේ.
මෙම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයේ අනාගත ගමන සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සිදුකෙරෙන ප්‍රතිසංස්කරණවල එක් තීරණාත්මක පියවරක් ලෙස මෙම පියවර සැලකේ.
















