• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාව මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් නම් කරයි

15 May 2026
in පුවත්, විදෙස්
කැනඩාව මැයි මාසය  ‘බෞද්ධ උරුම මාසය’ ලෙස  නිල වශයෙන් නම් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සෑම වසරකම මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ (Buddhist Heritage Month) ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. ජාතික මට්ටමින් බෞද්ධ උරුමය සැමරීම සඳහා මෙලෙස සම්පූර්ණ මාසයක් නිල වශයෙන් වෙන් කළ ලොව ප්‍රථම රාජ්‍යය ලෙස කැනඩාව මෙලෙස ඉතිහාසගත වේ.
මෙම ඓතිහාසික තීරණයට පදනම වී ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු බෞද්ධ නායකයකු වන විසිත සිරින් ලීලාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද e-6893 දරන මහජන පෙත්සමයි. රට පුරා විසිරී සිටින කැනේඩියානුවන් 3,102 දෙනෙකුගේ අත්සනින් යුත් මෙම පෙත්සම කනාටා ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් (Jenna Sudds) මහත්මිය විසින් කැනේඩියානු පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබීය.
කැනඩාව තුළ බෞද්ධයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා පිරිස 300,000 ඉක්මවන අතර, ඔවුන් එරට අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රයන්ට දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව ඇත. ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇති වෙසක් උත්සවය යෙදෙන මැයි මාසය, බෞද්ධ උරුමය සැමරීමට වඩාත් සුදුසු කාලය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය.
මෙම ප්‍රකාශනයට සමගාමීව, ඔටාවා නගරාධිපති මාක් සට්ක්ලිෆ් (Mark Sutcliffe) මහතා විසින් ඔටාවා නගරය තුළද 2026 මැයි මාසය ‘බෞද්ධ උරුම මාසය’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. බෞද්ධ උරුම මාසයක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම බටහිර අගනගරය ලෙස ඔටාවා නගරය වාර්තාගත වේ. එමෙන්ම කැනේඩියානු අගමැති මාක් කාර්නේ (Mark Carney) මහතා ද නිල ප්‍රකාශයක් නිකුත් කරමින්, බෞද්ධ සම්ප්‍රදායන් සහ වටිනාකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට කැනේඩියානුවන් දිරිමත් කර තිබේ.
මෙම නීතිය සම්මත වීමත් සමඟ, බෞද්ධ ජනතාවගේ සංස්කෘතික සහ ආගමික දායකත්වය ජාතික මට්ටමින් ඇගයීමට ලක් කරන ලොව පුරෝගාමී බටහිර රාජ්‍යය බවට කැනඩාව පත්වීම ශ්‍රී ලංකාව ඇතුළු ලෝක බෞද්ධ ප්‍රජාව ලැබූ සුවිශේෂී ගෞරවයකි.
Post Views: 1
Previous Post

ලංවිම ප්‍රතිව්‍යූහගතකරණයට සමගාමීව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයන් 1,898කට රුපියල් බිලියන 8.5ක වන්දි ප්‍රදානය අද

Next Post

දිට්වා සහන සේවා සඳහා මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී නිලධාරීන්ට උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සහන සේවා සඳහා  මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී  නිලධාරීන්ට උපදෙස්

දිට්වා සහන සේවා සඳහා මුදල් බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බදුල්ලේදී නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
ෆින්ටෙක් ලෝක කුසලාන  කලාපීය තරඟාවලියේ  සම ජයග්‍රහණය  ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

ෆින්ටෙක් ලෝක කුසලාන කලාපීය තරඟාවලියේ සම ජයග්‍රහණය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

15 May 2026
නව සංචාරක පනත නිසා  ක්ෂේත්‍රය වසර දෙකක්  පසුපසට යා හැකි බවට  හෝටල් හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved