දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම, ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 මැයි 15 වන දින සිදුකළ වැටලීම්වල ප්‍රගතිය මෙසේය. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන මෙම බහුපාරශ්වීය මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සහ ප්‍රජාව බලගැන්වීම අඛණ්ඩව සිදුකෙරේ.
පසුගිය පැය 24 තුළ සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ සැකකරුවන් පිළිබඳ විස්තර පහත පරිදි වේ:
මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්:
මෙදින සිදුකළ වැටලීම් 914කදී මුළු සැකකරුවන් 909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 781ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 758ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 883ක් සමඟ ගංජා පැළ 13,583ක් ද, මත්පෙති 856ක් ද අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර වේ. කොකේන්, කුෂ්, ශෂීෂ් සහ මාවා වැනි මත්ද්‍රව්‍ය ද මෙහිදී සොයාගෙන ඇත.
විමර්ශන සහ පුනරුත්ථාපන කටයුතු:
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පස් දෙනෙකු (05) සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් තිදෙනෙකු (03) පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ද මෙයට සමගාමීව ක්‍රියාත්මක වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද මෙම දත්ත මගින් තහවුරු වන්නේ මත්ද්‍රව්‍ය උවදුරින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා “රටම එකට” මෙහෙයුම ඉතා සක්‍රීයව දිවයින පුරා දියත් වන බවයි.














