මාලිමා ආණ්ඩුව ජයග්‍රහණය කළ සමුපකාර සමිතිවල බලය මෙවර ගිලිහී ගියද, එය කිසිසේත්ම ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතයේ පසුබෑමක් ලෙස තමන් නොදකින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. සමූපාකාර ඡන්ද පවත්වනු ලබන්නේ එහි ලියාපදිංචි සාමාජිකයන් අතර පමණක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වත්මන් ජනතාව ආණ්ඩුවට විවේචන එල්ල කිරීමෙන් තහවුරු වන්නේ ඔවුන් තුළ ආණ්ඩුව කෙරෙහි තවමත් පවතින දැඩි විශ්වාසය සහ ආදරය බව ද ප්‍රකාශ කරයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර විරුද්ධ පාර්ශව විසින් දියත් කරන ලද විවිධ අභූත සහ අසත්‍ය චෝදනා නිසා පසුගිය මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්දය ලබානොදුන් පිරිස් පවා මේ වන විට ආණ්ඩුවේ ගමන්මග පිළිබඳව පැහැදී ඇති බවයි. විශේෂයෙන්ම කොළඹ නගරයේ වෙසෙන මධ්‍යම පාන්තික ජනතාව මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කරමින් සිටින නිසා, ආණ්ඩුව කෙරෙහි පවතින පොදු ජනමතය පෙරටත් වඩා ප්‍රබල වී ඇති බව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී අවධාරණය කළේය.












