• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුළ දුම්පානය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමක්

17 May 2026
in දේශීය, පුවත්
රට තුළ දුම්පානය  තුරන් කිරීමේ  ජාතික මෙහෙයුමක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්වසන රෝග ඇති වීමේ ප්‍රවණතාව අඩු කරමින් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය සහ දුම්පානය සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ උපාය මාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පවත්වා තිබේ. ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන ගෝලීය සෞඛ්‍ය පිළිබඳ “Respire” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල 5ක් වන ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, වයඹ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව මෙම වැඩසටහනය සංවිධානය කර තිබුණි.
මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් ඒක පුද්ගල දුම්පානය නිවාරණය කිරීම සඳහා වන විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් බුලන් (Prof. Chris Bullen) මහතා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් දුම්පානය නැවැත්වීමේ ජාතික වැඩසටහනක පවතින සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයන් පිළිබඳ ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මාධ්‍ය හමුව අමතමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අවධාරණය කළේ, ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුව දුම්කොළ භාවිතය වන අතර, එය මෙරට සෞඛ්‍ය පද්ධතියට මෙන්ම පවුල්වල ආර්ථිකයට ද දැවැන්ත බරක් වී ඇති බවයි. රෝගවලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීමට පෙර ඒවා වැළැක්වීම රජයේ ජාතික ප්‍රමුඛතාවක් බව පැවසූ අමාත්‍යවරයා, දුම්පානය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම රජයේ ප්‍රධාන උත්සාහය බව ද ප්‍රකාශ කළේය. තරුණයින් ඉලක්ක කරගනිමින් වක්‍ර අලෙවිකරණය සහ ආකර්ශනීය නිෂ්පාදන සැලසුම් හරහා පැමිණෙන නව ආකාරයේ සියලු නිකොටින් ඇබ්බැහිවීම්වලට එරෙහිව රජය සුපරීක්ෂාකාරීව සිටින බවත්, දුම්කොළ නිෂ්පාදන සඳහා බදු අඛණ්ඩව වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 16
Previous Post

බණ්ඩාරවෙලදී කාර් රථයක ගැටී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පසුපැදිකරු රෝහලට

Next Post

රනිල් – ජී.එල්. සහ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් අතර දේශපාලන සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් – ජී.එල්. සහ  කොළඹ අමෙරිකානු තානාපති කාර්යාල  නියෝජිතයින් අතර  දේශපාලන සාකච්ඡාවක්

රනිල් – ජී.එල්. සහ කොළඹ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් අතර දේශපාලන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved