කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් පසුගිය 15 වැනිදා පවත්වා තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්වූ බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව දියත් කර ඇති වැඩපිළිවෙළ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශවයේ දැඩි අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමෙරිකානු නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබේ.
















