බණ්ඩාරවෙල, ත්‍රීමාල් මාර්ගයේ උතුරුකැබිල්ලවෙල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී කාලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කරන අන්දමට, අනතුර සිදුව ඇත්තේ බණ්ඩාරවෙල දෙස සිට ත්‍රීමාල් මාර්ගය ඔස්සේ බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එනම් බදුල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙනි. මෙම බිහිසුණු ගැටීමෙන් යතුරුපැදිකරු මෙන්ම එහි පසුපැදිකරු ද බරපතළ තුවාල ලබා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වැනි නොමේරූ වයසක පසුවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. අනතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලීසිය විසින් මෝටර් රථයේ රියැදුරාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි.














