විපක්ෂයේ සිටින ඇතැම් දක්ෂයන්ට වත්මන් රජයට එකතු වන ලෙස ආරාධනා කර ඇති බවට සමාජය පුරා පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය පවසයි. බොහෝ දෙනෙකු තමන් ඉතා විශේෂ පුද්ගලයන් යැයි ස්වයං ඇගයීමක සිටිය ද, රජයට ඒ කිසිවෙකුගේ කිසිදු විශේෂත්වයක් නොමැති බව ද ඇය තරයේ අවධාරණය කර සිටියි.වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින මාලිමාවේ මන්ත්‍රීවරුන් 159 දෙනාම රජයේ ඉදිරි වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යෑමේ පූර්ණ හැකියාව ඇති දක්ෂයන් බව මන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි.
එබැවින් වත්මන් පාලනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පිටතින් සිටින කිසිදු අයෙකුට විශේෂයෙන් ආරාධනා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව ද හේමාලි වීරසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.















