සමුපකාර මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ජනප්‍රියත්වය මැනිය නොහැකි බවත්, රජයේ ජනමතය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. පසුගිය මැතිවරණ සමයේ එල්ල වූ විවිධ අභූත චෝදනා හේතුවෙන් මාලිමාවට ඡන්දය දීමෙන් වැළකී සිටි පිරිස් පවා, වත්මන් ආණ්ඩුවේ ගමන්මග දෙස බලා දැන් රජය පිළිබඳ පැහැදීමෙන් පසුවන බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම කොළඹ මැද පන්තියේ ජනතාව අතර රජය කෙරෙහි පවතින විශ්වාසය මේ වන විට තවදුරටත් ශක්තිමත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සමුපකාර ඡන්ද ප්‍රතිඵල මගින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහී ඇති බවට විපක්ෂය නගන තර්ක ඔහු මෙහිදී බැහැර කළේය.














