පසුගිය පාලන කාලසීමාවන් තුළ සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් රජය පවත්වන විධිමත් පරීක්ෂණ අඩාල කිරීමට සහ ඒවා යටපත් කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මීරිගම යොවුන් නිකේතනයේදී පැවති සමාජවාදී තරුණ සංගමයේ මීරිගම ආසන සමුළුව අමතමිනි.
රජය මේ වන විට රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී සිටින බවත්, පැරණි දූෂිත ක්‍රමවේදයන් ආරක්ෂා කිරීමට දරන උත්සාහයන් සාර්ථක වීමට ඉඩ නොදෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. මීරිගම ආසන සමුළුවෙන් අනතුරුව ඉදිරියේදී දිවයින පුරා ආසන මට්ටමින් මෙවැනි සමුළු මාලාවක් පැවැත්වීමට නියමිත අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














