රක්ෂණ ඔප්පු ආයෝජන සහ ඉතුරුම් මෙවලම් ලෙස භාවිත කරමින් සිදුකරන මහා පරිමාණ බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දෙන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා නිවේදනය කර තිබේ. බොහෝ පිරිසක් සිය ධනය සාමාන්‍ය බැංකු ගිණුම්වල තැන්පත් කිරීම වෙනුවට, රක්ෂණ ඔප්පු තුළ ආයෝජනය කරමින් බදු ගෙවීමෙන් මගහැර සිටින බවට මුදල් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
මෙම ක්‍රමය හරහා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී රක්ෂණ ඔප්පු හරහා සිදුකරන ඉතුරුම් සහ ආයෝජන කෙරෙහි දැඩි නිරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව අවධාරණය කළේය. මෙය මෙරට බදු පද්ධතිය විධිමත් කිරීමේ සහ බදු දැල පුළුල් කිරීමේ එක් පියවරක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.














