ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය සහ දේශපාලන නොසන්සුන්තාව මධ්‍යයේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන පාලනාධිකාරිය වෙත දැඩි සහ සෘජු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සඳහා වන කාලය මේ වන විට ඉතා වේගයෙන් ගෙවී යමින් පවතින බවයි. ඔවුන් ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණ ක්‍රියාත්මක නොවුවහොත්, ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇති බවට ද ඔහු එහිදී තර්ජනය කර ඇත. “කාලය අතිශයින්ම තීරණාත්මකයි!” (TIME IS OF THE ESSENCE!) යනුවෙන් ද ජනාධිපතිවරයා එහි අවධාරණය කර තිබේ.
දෙපාර්ශවය අතර ඇති කරගෙන තිබූ සටන් විරාම ගිවිසුම බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති පසුබිමක සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින සාකච්ඡා ඇනහිට ඇති මොහොතක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත. ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ද ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ ඉරානය සම්බන්ධයෙන් තමන්ට පවතින ඉවසීම මේ වන විට සීමා වෙමින් පවතින බැවින් ඔවුන් වහාම ඇමෙරිකාව සමඟ එකඟතාවකට පැමිණිය යුතු බවයි.















