පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වසරේ (2026) ගතවූ කාලය තුළ පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් 28,713 දෙනෙකු වාර්තා වී ඇති බවයි. එමෙන්ම මෙම කාලසීමාව තුළ ඩෙංගු වැළඳීමෙන් සිදුවූ මරණ 15ක් ද නිල වශයෙන් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් තහවුරු කළාය.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදී මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තම තමන්ගේ ගෙවතු සහ අවට පරිසරය නිරන්තරයෙන් පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
















