මොනරාගල දිස්ත්‍රික්කයේ සිදුවූ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව, මෙම සිදුවීමට අදාළව චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරීවරයා ද ස්වාධීන පරීක්ෂණ කටයුතු සඳහා පහසුවක් වන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් කොට්ඨාසයකට මාරු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මෙම සමස්ත සිදුවීම සහ මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළව දැනටමත් විධිමත් මෙන්ම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















