• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ඩිජිටල් සහ AI ගමන වේගවත් කරන්න ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති සිංගප්පූරුවේදී විශේෂ සාකච්ඡාවක

19 May 2026
in දේශීය, පුවත්
ලංකාවේ ඩිජිටල් සහ AI ගමන වේගවත් කරන්න ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති සිංගප්පූරුවේදී විශේෂ සාකච්ඡාවක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරුවේ පැවැත්වෙන ‘Asia Tech 2026’ සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Gates Foundation) සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සාර්ථකව පවත්වා තිබේ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
මෙහිදී ශ්‍රී ලංකාව කලාපය තුළ සියලු දෙනා ඇතුළත් කරගත් ඩිජිටල් පරිවර්තනයක් සඳහා ප්‍රායෝගිකව කැපවී ක්‍රියාකරන රටක් ලෙස ඇගයීමට ලක්විය. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) උපායමාර්ගය සහ “පොදු යහපත සඳහා AI තාක්ෂණය” (AI for Public Good) යොදාගැනීමේ වැඩපිළිවෙළ උදෙසා තාක්ෂණික සහ උපදේශන සහයෝගීතාව ලබාගැනීමයි. මේ යටතේ ශ්‍රී ලංකාවේ කෙටුම්පත් කර ඇති AI ප්‍රතිපත්ති මාලාව ගේට්ස් පදනමේ සමාලෝචනයට ලක් කිරීමටත්, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් (DPI) ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සංවාදයක් ඇරඹීමටත් මෙහිදී එකඟතාව පළ විය.
තවද, කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ “IDAT 2” ව්‍යාපෘතියේ මීළඟ අදියර වඩාත් ගොවි-කේන්ද්‍රීය මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව ගොවීන්ගේ ඵලදායිතාව සහ වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ AI තාක්ෂණය ඔස්සේ ගොවීන්ට අවශ්‍ය ඩිජිටල් උපදේශන සේවා සැපයීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම ඩිජිටල් ගමන වඩාත් කඩිනම් කිරීම සඳහා සිංගප්පූරුවේ “AI Singapore” ආයතනය සමඟ එක්ව රාජ්‍ය අංශයේ AI භාවිතය වර්ධනය කිරීමටත්, ඉන්දියාවේ “EkStep” පද්ධතිය හරහා බහුභාෂා AI යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් සාකච්ඡා කෙරුණු අතර, ඩිජිටල් හැඳුනුම්පත් (Digital ID) ක්‍රියාවලීන් අධ්‍යයනය සඳහා ගොව්ටෙක් (GovTech) ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීවරයාට බැංගලෝරයේ විශේෂ චාරිකාවකට ද ආරාධනා ලැබිණි. මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ගොව්ටෙක් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන යන මහත්වරුන් සහභාගී වූ අතර, ගේට්ස් පදනම වෙනුවෙන් එහි ඉහළ නිලධාරියෙකු වන හරී මෙනන් (Hari Menon) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව කටයුතු කිරීමේ වටපිටාව නිර්මාණය කර අවසන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

Next Post

ඇපකරුවන්ගෙන් ප්‍රකාශ නොගෙන විමර්ශන කරන්නේ කොහොමද කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දැඩි ප්‍රශ්න කිරීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කළැයි සජබයෙන් මහ බැංකුවට ලිපියක්

බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කළැයි සජබයෙන් මහ බැංකුවට ලිපියක්

19 May 2026
පාපැදිකරුවකු අනතුරට ලක්කර  පොලිසිය තුළ සඟවා තැබූ  උප පොලිස් පරීක්ෂකවරයෙක් ගැන  ගල්කිස්සෙන් බරපතළ හෙළිදරව්වක්

පාපැදිකරුවකු අනතුරට ලක්කර පොලිසිය තුළ සඟවා තැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් ගැන ගල්කිස්සෙන් බරපතළ හෙළිදරව්වක්

19 May 2026
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

19 May 2026
වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි ළඟම ඇති MOH කාර්යාලයෙන්  අවස්ථාව

වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි ළඟම ඇති MOH කාර්යාලයෙන් අවස්ථාව

19 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාපැදිකරුවකු අනතුරට ලක්කර  පොලිසිය තුළ සඟවා තැබූ  උප පොලිස් පරීක්ෂකවරයෙක් ගැන  ගල්කිස්සෙන් බරපතළ හෙළිදරව්වක්

පාපැදිකරුවකු අනතුරට ලක්කර පොලිසිය තුළ සඟවා තැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් ගැන ගල්කිස්සෙන් බරපතළ හෙළිදරව්වක්

19 May 2026
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved