මහනුවර මාර්ගයේ දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක් මාර්ගය අසල සිටි කාන්තාවක මතින් ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් 44 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (25) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් එම ස්ථානයේ සිටි 18 හැවිරිදි තරුණයෙකු සහ 14 හැවිරිදි පිරිමි දරුවෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි. මරණකාරියගේ මෘත දේහය දඹුල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දඹුල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.














