මාරාන්තික ඉබෝලා (Ebola) සහ හන්ටාවෛරස් (Hantavirus) ව්‍යාප්තිය, වර්තමාන ගැටලුකාරී ලෝකයේ “නවතම අර්බුදයන් පමණක්” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නානම් ගෙබ්‍රෙයෙසස් මහතා ප්‍රකාශ කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය මහා මණ්ඩල සැසියේදී (World Health Assembly) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගෝලීය ගැටුම්, ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස සහ ආධාර කප්පාදුවලින් පිරි දුෂ්කර මෙන්ම බෙදීම් සහිත කාලවකවානුවක අප ජීවත් වන බවයි.
කොංගෝ රාජ්‍යය (DRC) සහ උගන්ඩාව කේන්ද්‍ර කරගනිමින් පවතින ඉබෝලා ව්‍යාප්තියේ බරපතළකම සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” (PHEIC) ද මෙහිදී ප්‍රකාශයට පත් කර ඇත. වර්තමාන ව්‍යාප්තියට හේතු වී ඇත්තේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති වෛරස් ප්‍රභේදය වන අතර, මේ සඳහා දැනට අනුමත කරන ලද ඖෂධ හෝ එන්නත් නොමැති වීම විශේෂත්වයකි.














