දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් 1,148,000.00ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට සියැට් සමාගම කටයුතු කර තිබේ. සියැට් සමාගමේ කැලණිය ශාඛා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන් විසින් සිය දිනක වැටුප මෙලෙස අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.
ඊට අදාළ චෙක්පත පසුගිය 18 වැනිදා ජනාධිපති කාර්යාලයේදී, එම සේවක සංගමයේ ලේකම් ඩී.ජී.එස්.ඩී. නවරත්න මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා සියැට් කැලණිය ශාඛාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ භාණ්ඩාගාරික වයි.පී.අයි.සී. කරුණාතිලක මහතා ඇතුළු විධායක සභිකයන් පිරිසක් ද එක්ව සිටියහ.












