දිවසින් දින ඉහළ යන ජීවන වියදමට එරෙහිව දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් ඊයේ (19) පස්වරුවේ බොරැල්ල මංසන්ධියේදී පැවැත්විණි.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය (LSSP), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් ‘සමාජවාදී ජනතා පෙරමුණ’ විසිනි. එහිදී එකතු වූ පිරිස් ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව පවසමින් විවිධ සලකුණු සහ පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළ කළහ.














