ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම විශ්වාසයක් දිනාගත් ආහාර පාන නිෂ්පාදන සමාගමක් වන සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (Ceylon Cold Stores PLC) සමාගම, මෙරට ප්‍රමුඛතම අපනයන සන්නාමයක් ලෙස සිය අනන්‍යතාවය යළිත් වරක් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික අපනයන සම්මාන උළෙලේදී Confectionery නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) විශිෂ්ටතම “රන් සම්මානය” (Gold Award) දිනා ගැනීමට එම සමාගම සමත්විය.
ඉකුත් පෙබරවාරි 13 වනදා පැවැත්වුණු මෙම අභිමානවත් සම්මාන උළෙලේදී, 2024/25 මූල්‍ය වර්ෂය තුළ සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම දැක්වූ විශිෂ්ට අපනයන කාර්යසාධනය මෙන්ම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙලෙස ඇගයීමට ලක් කෙරිණි. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings PLC) සමූහයට අයත් අනුබද්ධිත සමාගමක් වන CCS, මෙරට ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 160කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන අතර, එහි ‘එලිෆන්ට් හවුස්’ (Elephant House) සන්නාමය ලෝකයේ රටවල් රැසක ඉහළ පිළිගැනීමක් දිනා ඇත.
වර්තමානය වන විට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය (UK) ඇතුළු ලොව පුරා රටවල් 16ක් සඳහා සිය නිෂ්පාදන අපනයනය කරන සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, ඉන්දියාවේ දැවැන්ත සමාගමක් වන ‘Reliance Consumer Products’ සමඟ ඇති කරගත් සුවිශේෂී සහයෝගීතාවය හරහා එරට වෙළෙඳපොළ තුළ ද සිය පැවැත්ම සීඝ්‍රයෙන් ශක්තිමත් කරමින් සිටියි. නිෂ්පාදන නවෝත්පාදනය, ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් සහ ගෝලීය බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීම මෙම ජාත්‍යන්තර ප්‍රගතියට මූලික හේතුව වී තිබේ.














