අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව යළිත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට පියවර ගතහොත් පවතින ගැටුම මැද පෙරදිගින් ඔබ්බට ලෝකයේ සෙසු කලාපවලටත් ව්‍යාප්ත කරමින් ප්‍රතිචාර දක්වන බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි.අමෙරිකාව සහ ඉරානය අතර සටන් නැවැත්වීමේ එකඟතාවයකට පැමිණ සති කිහිපයක් ගතවී තිබුණ ද, සාමය උදාකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා මේ වන විට ඇනහිට තිබේ. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඉරානයට බෝම්බ හෙලීමේ තීරණයට ඉතා ආසන්නව සිටි නමුත්, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ඉඩ ලබා දීමේ අරමුණින් එම තීරණය අවසන් මොහොතේ නතර කළ බවයි.














