කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම සහ පවතින නියාමන බාධා ඉවත් කිරීම අරමුණු කරගනිමින් ‘ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙරට ආර්ථිකයේ වර්ධනයට බලපාන නියාමන පරිසරය පිළිබඳව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව සිදුකළ ඇගයීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. අදාළ පාර්ශ්වකරුවන් සමඟ පුළුල් සාකච්ඡා පවත්වා සකස් කරන ලද ‘ජාතික නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම’ ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම මෙම නව කවුන්සිලය මඟින් සිදු කෙරේ.
ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පිහිටුවීමට නියමිත මෙම කවුන්සිලයේ ලේකම් කාර්යාලය ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නම් කිරීමට අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇත.
















