ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංග්ලාදේශ සහ භූතාන සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවී විශේෂ සාකච්ඡා පවත්වා තිබේ.අමාත්‍යවරයා මෙලෙස සාකච්ඡා පවත්වා ඇත්තේ බංග්ලාදේශ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය එම් ඒ මුහිට් (M.A. Muhit) මහතා සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වැන්චුක් (Tandin Wangchuk) මහතා සමඟිනි. මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් නව තාක්ෂණය, දැනුම හුවමාරු කරගැනීම මෙන්ම සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා ගතහැකි විසඳුම් හා ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය. අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ඇතුළු විවිධ සහයෝගයන් ලබා ගැනීමේදී බංග්ලාදේශය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














