තායිවාන ජනාධිපති ලායි චින්ග්-තේ (Lai Ching-te) සමඟ තමන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ චීනයේ සංචාරයක නිරත වූ ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමෙන් අනතුරුව වොෂින්ටනය බලා පැමිණෙන අතරතුර මෙම අදහස් පළ කළේය.
1979 වසරේදී අමෙරිකාව තායිපේ වෙනුවට බීජිං පාලනය නිල වශයෙන් පිළිගැනීමෙන් පසුව, අමෙරිකානු සහ තායිවාන ජනාධිපතිවරුන් අතර සෘජු සංවාදයක් සිදුව නොමැති බැවින්, මෙම තීරණය සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික වර්ධනයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, තායිවානය තමන්ගේම කොටසක් ලෙස සලකන චීනය මෙම පියවර පිළිබඳව දැඩි ලෙස කෝපයට පත්වීමට ඉඩ ඇත. මීට අමතරව, තායිවානය වෙත ඩොලර් බිලියන 14ක් වටිනා ප්‍රධාන ආයුධ තොගයක් අලෙවි කරන්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවසූ ට්‍රම්ප්, තායිවානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට අමෙරිකානු නීතිය අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.














