දිගින් දිගටම ප්‍රමාද වෙමින් පැවති වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු එළඹෙන ජූනි මස 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් ආරම්භ කරන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය මහතා නිවේදනය කරයි.
සියලුම විද්‍යාත්මක නිර්දේශ, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ (SHLPC) ස්වාධීන තීරණ මත මෙම කොන්ත්‍රාත්තුව වසර පහක (05) කාලයක් සඳහා South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත ප්‍රදානය කර තිබේ. 2026 ජනවාරි 20 වැනිදා අදාළ සමාගමට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති අතර, 2026 මාර්තු 10 වැනිදා ඒ සඳහා නිල වශයෙන් ගිවිසුම්ගත වී ඇත.
නීතිමය කොන්දේසි ප්‍රකාරව ගිවිසුම්ගත වී මාස තුනක් (03) ඇතුළත මුද්‍රණ කටයුතු ආරම්භ කළ යුතු බැවින්, 2026 ජූනි 10 වැනිදාට පෙර මෙම කටයුතු අනිවාර්යයෙන්ම ආරම්භ වන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි. මේ වන විටත් අදාළ සමාගම විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකර එහි අවසන් අදියරේ කටයුතු සිදු කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














