මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රියැදුරන් 8 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු සම්බන්ධයෙන් කළුතර පොලිස් අධිකාරි කාර්යාලය වාර්තා කරයි.
ජාතික ප්‍රවාහන වෛද්‍යායතනය, කළුතර දකුණ, කළුතර උතුර, පයාගල සහ බේරුවල යන පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කෙරිණි. මෙහිදී මගී බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අහඹු ලෙස තෝරාගෙන, ජාතික ප්‍රවාහන වෛද්‍යායතනය වෙත යොමු කර තිබුණි. විශේෂ රසායනාගාර පහසුකම් සහිත ජංගම බස් රථයක් තුළදී පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් ලබාදුන් මූත්‍ර සාම්පල ක්ෂණිකව පරීක්ෂාවට ලක් කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි වැටලීම් ක්‍රියාත්මක කරන බව බලධාරීන් අවධාරණය කරයි.














