කුරුණෑගල – නාරම්මල මාර්ගයේ තලපතේගම පොලිස් වසමට අයත් බඹුගම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) රාත්‍රී කාලයේදී නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි පසුපස ගමන් කළ තවත් තිදෙනෙකු වහාම මලියදේව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථ රියැදුරු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහපතවල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලපතේගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














