රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා අද (24) ත්‍රිකුණාමලය පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගත්තේය.
නාවික හමුදා චාරිත්‍රානුකූලව හිටපු ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය මහතා විසින් නව ආඥාපතිවරයා වෙත නිල වශයෙන් ධුරයේ වගකීම් භාර දෙන ලදී. රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා මෙම නව ධුරයට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ද තවදුරටත් කටයුතු කරනු ලබයි.













