• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයන අධිභාරයට පෙර දින ණයවර ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් ජනාධිපතිගේ ගජමිතුරන්ගේ ලැයිස්තුවක් හෙළි කෙරේ

22 May 2026
in දේශීය, පුවත්
වාහන ආනයන අධිභාරයට පෙර දින ණයවර ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් ජනාධිපතිගේ ගජමිතුරන්ගේ  ලැයිස්තුවක් හෙළි කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැයි මස 16 වැනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දිනයේ එනම් මැයි 15 වැනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය. බද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් මෙලෙස වාහන 4000ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බව පෙන්වා දෙන රහුමාන් මහතා, මෙය සංවිධානාත්මක අපරාධයක් බව අවධාරණය කරයි.
අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලයේදී ගජමිතුරු ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළ ද, බලයට පත්වීමෙන් පසුව ද සිදුවන්නේ එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු කිරීම බව ඔහු පෙන්වා දෙයි. එසේම ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවේදී ලබා දුන් පොරොන්දු ද අසාර්ථක වී ඇති බව ඔහු ප්‍රශ්න කරයි. විශේෂයෙන්ම ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළ පක්ෂ යාන්ත්‍රණය හරහා ඩොලර් ගෙන්වීමේ පොරොන්දුව සහ සුනිල් හඳුන්නෙත්ති මහතාට ලැබුණු බව කියන ඩොලර් මිලියනයක දුරකථන ඇමතුම පිළිබඳව ද ඔහු මතක් කර සිටියි.
වර්තමානයේ ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය ඉහළ යන බවත්, එක් සතියක් තුළ රුපියල් 120කින් පමණ ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 355ට තිබූ ඩොලරය 385 දක්වා ඉහළ යාමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කොන්දේසි නිසා මහ බැංකුව ඩොලර් නිකුත් නොකිරීම බව ඔහු පවසයි. ආර්ථිකය ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින් පවතින බවත්, හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන බවත් සඳහන් කරන රහුමාන් මහතා, හිටපු පාලකයින් මෙන්ම වත්මන් පාලකයින් ද බොරු පවසමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත් මෙහි භයානක ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත ජනතාවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අහසට ගෙවල් හැදිල්ල තවත් දුරස් වෙයි

Next Post

පොලිස් කොස්තාපල් බඳවා ගැනීම් සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් කොස්තාපල්  බඳවා ගැනීම්  සඳහා  අයදුම්පත් භාරගන්නා  අවසන් දිනය දීර්ඝ කෙරේ

පොලිස් කොස්තාපල් බඳවා ගැනීම් සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
ඩොලරයේ විකුණුම් මිලේ  සුළු පහළ යාමක්  මහ බැංකුව සහ වාණිජ බැංකු  අනුපාතික මෙන්න

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක් මහ බැංකුව සහ වාණිජ බැංකු අනුපාතික මෙන්න

22 May 2026
ව්‍යවසායකයින් සහ ප්‍රජාවන්  සවිබල ගැන්වූ  30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම  තිස්වැනි සංවත්සරය සමරයි

ව්‍යවසායකයින් සහ ප්‍රජාවන් සවිබල ගැන්වූ 30 වසරක අභිමානය පීපල්ස් ලීසිං සමාගම තිස්වැනි සංවත්සරය සමරයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෑගල්ල පම්බෙගමට  මිලිමීටර් 336 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්

කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved