ශ්‍රී ලංකා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන තනතුරු සඳහා සිදු කරන නව බඳවා ගැනීම්වලට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. 2026.03.27 දිනැති අංක 2482 දරන ගැසට් පත්‍රය මගින් මුලින් නියම කර තිබූ 2026.05.08 දින වෙනුවට, 2026.05.15 දිනැති අංක 2489 දරන රජයේ ගැසට් පත්‍රය මගින් එම කාලසීමාව 2026.06.01 දින දක්වා දීර්ඝ කර ඇත. මෙම තනතුරු සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් යොමු කළ යුතු අතර, අයදුම් කිරීමේදී ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 071-8591925 (ස්ථානාධිපති – පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය) හෝ 011-2505202 / 011-2552953 යන කාර්යාලීය දුරකථන අංක ඇමතීමට හැකියාව පවතී.














