කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ඉහළ ධාරා ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ කැලණි ගඟ පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව කැලණි ගඟ දෙපස සහ පහත් බිම්වල වෙසෙන රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා වහාම සූදානම්ව සිටින ලෙස ද දන්වා සිටී. ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් පවතින අවදානම සලකා ආරක්ෂිත ස්ථාන කරා යාමට අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ ආපදා කළමනාකරණ නිලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.















