සංචාරක අරමුණු (Tourism Purposes) සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම මාලදිවයින් පුරවැසියන් වෙනුවෙන් එළැඹෙන මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී තිබේ.
මේ අනුව, මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර, ‘eta.gov.lk
‘ නිල වෙබ් අඩවිය වෙත පිවිස විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA – Electronic Travel Authorization) ලබා ගැනීම අනිවාර්ය වනු ඇත. මීට පෙර පැවති ඇතැම් ලිහිල් වීසා ක්‍රමවේදයන් වෙනුවට මෙරට ජාතික ආරක්ෂාව සහ සංචාරක කළමනාකරණය වඩාත් විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.














