2026 වසර සඳහා විසින් සිදු කරන ලද නවතම ගෝලීය සමීක්ෂණයකට අනුව, පවුල් ජීවිතය සඳහා ලොව හොඳම රටවල් අතර 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ජනප්‍රිය සංක්‍රමණික ගමනාන්ත 82ක් අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම ඉහළ ස්ථානයට පත්වීම විශේෂත්වයකි.
මෙම දර්ශකය සකස් කර ඇත්තේ විදේශයක පදිංචියට යාමේදී වැදගත් වන ප්‍රධාන සාධක 34ක් පදනම් කර ගනිමිනි. ඉන් ප්‍රධාන කරුණු ලෙස සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, ජීවන වියදම, රැකියා අවස්ථා, ආරක්ෂාව සහ පවුල් හිතකාමී පරිසරය සැලකිල්ලට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම ලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් මෙරට පවතින ශක්තිමත් අධ්‍යාපන ක්‍රමය සහ දරුවන් රැකබලා ගැනීමේ වියදම් දරාගත හැකි මට්ටමක පැවතීම නිසාය. මීට අමතරව, ලොව හොඳම පොදු ප්‍රවාහන පද්ධතියක් සහිත රටවල් අතර 5 වැනි ස්ථානය ද ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතර, එය පවුල් සඳහා වඩාත් හිතකාමී රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය තවදුරටත් තහවුරු කර ඇත.
මෙම සමීක්ෂණයේ ඉහළම ස්ථාන හිමිකරගත් රටවල් අතර ස්පාඤ්ඤය 1 වැනි ස්ථානය ද, චීනය 2 වැනි ස්ථානය ද, ඇමරිකා එක්සත් ජනපදය 3 වැනි ස්ථානය ද, ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානය ද හිමිකරගෙන ඇත.














