බටුවත්ත දුම්රිය ස්ථානයේ වේදිකා සංරක්ෂණ පැති බැම්ම ඉදිකිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (21) උදෑසන එම දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජා-ඇළ ප්‍රාදේශීය සභාව සහ බටුවත්ත, නාරංගොඩපාලුව, වල්පොළ සහ පොල්පිටිමූකලාන යන ප්‍රදේශවල ජනතාවගේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.
මීටර් 200ක් පමණ දිගින් යුත් මෙම පැති බැම්ම ඉදිකිරීමේ ශ්‍රම දායකත්වය සහ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබයි. ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහනට සමගාමීව බටුවත්ත දුම්රිය ස්ථානය තවදුරටත් නවීකරණය කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගම්වාසීන්ගේ සහයෝගීතාවයෙන් මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීමට මහත් පිටුබලයක් වනු ඇත.















