පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ වැඩබලන අංශාධිපති මහාචාර්ය රත්නායක එම්. අබේරත්න, ආචාර්ය කසුන් ධර්මසිරි, සම්මානිත මහාචාර්ය පී. ඞී. පේ‍්‍රමසිරි සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී තුෂාරි අමරසේන යන අයට එරෙහිව එම පීඨයේ මහාචාර්ය මහින්ද හේරත්ගේ කීර්තිනාමයට හානිවන ක‍්‍රියාවන් සිදුකිරීමෙන් වැලකී සිටින ලෙස නියෝග කරමින් මහනුවර දිස්ත‍්‍රික් අධිකරණය විසින් ලබාදී තිබුන වාරණ නියෝගය තවත් දින 14 ක් සදහා දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
ඉහත නම් සදහන් විත්තිකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් අයකරදෙන ලෙස ඉල්ලා සිටිමින් මහාචාර්ය මහින්ද හේරත් විසින් පවරා ඇති නඩුව අද(22) දින කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. පැමිණිලිකාර මහාචාර්ය මහින්ද හේරත් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ අමිල අඹගල මහතා පෙනී සිට ඇත














