මින් වසර 36කට පෙර බ්‍රිතාන්‍ය ජාතික යුවළක් විසින් දරුකමට හදා වඩා ගැනීම සඳහා එංගලන්තයට රැගෙන ගිය මෙරට උපන් දැරියක, තමන්ව මෙලොවට බිහිකළ සැබෑ මව සොයා ගැනීම සඳහා සිය සැමියා සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියි.
ඇය සතු ලියකියවිලි සහ උප්පැන්න සහතිකයට අනුව ඇගේ නම ‘කේමා’ (Khema) ලෙස සඳහන් වන අතර, ඇය 1990 වර්ෂයේ ජනවාරි මස 19 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේදී (එවකට මහරෝහල) උපත ලබා තිබේ. ඇගේ මව ලෙස උප්පැන්න සහතිකයේ සටහන්ව ඇත්තේ ‘විජිතා කල්‍යාණී ඒකනායක’ නැමති නමකි. දරුවා ලැබෙන සමයේ ඇය දෙහිවල, හිල් වීදියේ, අංක 15/3 දරන සුදර්ශනාරාම මාවතේ පිහිටි නිවසක නැවතී සිට ඇති බව ද එහි දැක්වේ.
එවකට දින 38ක් පමණක් වයසැති බිළිඳියකව සිටි ඇයව, දිවුරුම් පෙත්සමක් සහ අධිකරණ නියෝගයක් මඟින් එංගලන්තයේ පදිංචි ප්‍රීමන් පස්ක් (Freeman Pask) සහ සුසාන් ආර්. ප්‍රීමන් (Susan R. Freeman) යන අයට නීත්‍යානුකූලව භාර දී ඇත.දැනට තරුණ වියේ පසුවන කේමා, තම බ්‍රිතාන්‍ය ජාතික සැමියා සමඟ ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ හේතුවෙන් ඉහත සඳහන් කළ මව පිළිබඳව හෝ ඇගේ ඥාතීන් පිළිබඳව කිසියම් හෝ නිශ්චිත තොරතුරක් දන්නා අයෙකු වෙතොත්, වහාම 071-4494887 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි.














