මතුගම මූලස්ථාන නව පොලිස් පරීක්ෂකවරයා වශයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මද්දුමබණ්ඩාර පත්වීම් ලබා තිබේ.වසර 1999 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා, වසර 2020 දී ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබා ඇත. ඉන් අනතුරුව ඔහු කටාන සහ සීදුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. පසුව මඩකලපුව, වාකරේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ධනුෂ්ක මද්දුමබණ්ඩාර මහතා එතැන් සිට මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපතිවරයා ලෙස පසුගියදා මෙලෙස පත්ව ඇත.














