එදා පැවති සටන් පාඨවලින් ඔබ්බට ගිය රටක් ගොඩනැගීමේ බරපතළ අභියෝගය අද තමන් හමුවේ පවතින බව හිටපු කතානායක අශෝක රන්වල පවසනවා. වෘත්තීය සමිති ලෙස මීට පෙර පැවති විනයට හා ශික්ෂණයට වඩා උසස් තත්ත්වයක විනයක් හා ශික්ෂණයක් රට අද තමන්ගෙන් බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කරනවා.
එදා මැතිවරණ වේදිකාවල හෝ විවිධ සටන් පාඨ ඔස්සේ පැවසූ දේවල් ඒ අයුරින්ම අද සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී ඇති බව හිටපු කතානායකවරයා පෙන්වා දෙනවා.
සමාජ පරිවර්තනයක් සිදුවී රට දියුණු වන විට එමගින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුවත්, පටු සටන් පාඨ ලෙස ඒවා අත්පත් කර ගැනීමට යාමෙන් රට ගොඩනැගීමේ කටයුත්ත පැත්තකට වී තමන්ටම හැදීමට පමණක් සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.














