වලිපැන්න පොලිස් වසමේ, දියහොරඩුව ප්‍රදේශයේදී පෙරේදා (22) සන්ධ්‍යාවේ සිදුවූ ආරවුලක් හේතුවෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන වින්දිතයා පිරිසක් සමඟ සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් ඝාතනය දක්වා වර්ධනය වී තිබේ. මෙම ආරවුල අතරතුරදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, වලිපැන්න පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














