රටේ ආර්ථිකය මේ වන විට දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති නිසා, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 400 සීමාව දක්වා ඉහළ යාමට පෙර වත්මන් මුදල් අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ පවතින දැඩි ආර්ථික බිඳවැටීම හමුවේ රටේ දරු පරපුරේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බවයි. එම නිසා, දරුවන්ට ආදරය කරන සමස්ත මහජනතාවගේම ඒකමතික ඉල්ලීම වන්නේ වහාම මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.














