ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු තිස් අටක් සඳහා සුදුස්සන් බඳවාගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (22) සිදුකෙරුණා. බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2026 අප්‍රේල් මස 09 වන දින පැවති 198 වැනි අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියට ප්‍රකාරව, විනිවිදභාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ අයදුම්පත් කැඳවීමෙන් අනතුරුවයි. මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලන, පරිපාලන සහ නඩත්තු කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම නව නිලධාරීන්ගේ සේවය සපයා ගැනීමට නියමිතයි. ආරම්භයේදී “පොදු පහසුකම් මණ්ඩලය” ලෙස ක්‍රියාත්මක වූ මෙම ආයතනය, පසුව 2005 වසරේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණා.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ජේ. නිශාන් නානායක්කාර, සාමාන්‍යාධිකාරි වාස්තු විද්‍යාඥ එම්. ටී. කපිල ප්‍රියන්ත සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගන්කන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.














