“රට නැවත ගොඩනැගීමේ” (Rebuilding Sri Lanka) පුළුල් ජාතික ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කරනු ලබන “ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ” සුවිශේෂී වැඩසටහන හෙට (24) පෙරවරු 9.30 ට හාලිඇල බෝගොඩ ඓතිහාසික විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සෘජු මෙහෙයවීම සහ සංවිධාන දායකත්වය ඇතිව මෙම ප්‍රජා මූල සහ ආගමික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ප්‍රදේශයේ ජනවාර්ගික සහ ආගමික සහජීවනය මෙන්ම තරුණ දායකත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රභූන් රැසක් සහභාගී වීමට නියමිතය. ඒ අනුව වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙන්ම තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතව ඇත.














