විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව අමාත්‍යවරයා එළඹෙන මැයි මස 26 වැනිදා සිට ජුනි මස 03 වැනිදා දක්වා කාලය තුළ මෙම ද්විපාර්ශ්වික සංචාරයන් සඳහා එක්වීමට නියමිතය.
මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදී විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයේ ප්‍රධාන අමාත්‍යවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ද හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම සහ දෙරට අතර ජාත්‍යන්තර ආරක්ෂක හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු වනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















